රජයේ වාහනයක් අයථා ලෙස පෞද්ගලික කටයුතු සඳහා භාවිත කිරීම හරහා මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව තහවුරු කරමින්, හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය අද වැදගත් තීන්දුවක් ලබාදුන්නේය.
ඒ අනුව, රුපියල් ලක්ෂ 66ක මුදලක් ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙස හිටපු ඇමතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. එම මුදලින් රුපියල් 1,664,334.93ක් මාසයක් ඇතුළත ගෙවිය යුතු අතර, ඉතිරි මුදල මාස දෙකක් ඇතුළත ගෙවීමට නියෝග කර තිබේ.
මීට අමතරව, අවභාවිත කරන ලද වාහනයේ ඡායාරූපයක් සහිතව ජනතාවගෙන් සමාව අයැදීමේ නිවේදනයක් පිටු බාගයක් ප්‍රමාණයෙන් සිළුමිණ, සන්ඩේ ඔබ්සර්වර් සහ තිනකරන් යන පුවත්පත් තුනේම මුල් පිටුවේ මාසයක් ඇතුළත පළ කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ඇමතිවරයාට නියෝග කර තිබේ.