අලුත් වාහන ආන­ය­නය කිරී­මේදී පනවා ඇති 50%ක අධි­භා­රය අප්‍රේල් 1 සිට ඉව­තට – වාහන මිලටත් බලපායි

භාවිත කළ සහ අලුත්ම අලුත් වාහන ආන­ය­නය කිරී­මේදී පනවා තිබෙන සිය­යට 50ක අධි­භා­රය (Surcharge) ලබන අප්‍රේල් මස 1 වැනිදා සිට ක්‍රියා­ත්මක වන පරිදි ඉවත් කිරී­මට රජය තීර­ණය කර ඇත.

එන­මුත් දැනට සිය­යට 20ක්ව පව­තින රේගු බද්දට එම සිය­යට 50 අධි­භා­රය එක­තු­කොට ඇත.

මෙරට වෙළෙ­ඳ­පොළේ භාවිත කළ වාහන මිල ගණන් ඉදි­රි­යේදී වෙන­ස්වී­මක් ඉන් සිදු­වන්නේ නැතැයි මුදල් හා ක්‍රම­ස­ම්පා­දන සහ ආර්ථික කට­යුතු අමා­ත්‍යාං­ශයේ උසස් නිල­ධා­රි­යකු ප්‍රකාශ කළේය.

මුදල්, සැල­සුම් සහ ආර්ථික සංව­ර්ධන ඇමැ­ති­ව­රයා ලෙස ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේ­ද­න­යක් මඟින්, මෙම අධි­භා­රය මෙම වසරේ දෙසැ­ම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරී­මට මීට පෙර ගෙන තිබූ තීර­ණය රජය විසින් මෙලෙස අව­ලංගු කර තිබේ.

මෙම අධි­භා­රය පිළි­බඳ ගැසට් නිවේ­ද­නය මුලින්ම හඳුන්වා දෙනු ලැබුවේ 2025 ජන­වාරි මාස­යේ­දීය.

එය පසු­ගිය වසර අව­සා­නය දක්වා ක්‍රියා­ත්මක වූ අතර, පසුව එය මෙම වසර අව­සා­නය දක්වා දීර්ඝ කිරී­මට පිය­වර ගෙන තිබූ බව ද ඔහු කීය.

කෙසේ වෙතත්, නව තීර­ණ­යත් සමඟ අප්‍රේල් මාසයේ සිට එම බදු බර ඉවත් වනු ඇත.

මෝටර් රථ ආන­යන අංශයේ ආරං­චි­මාර්ග පෙන්වා දෙන්නේ භාවිත කළ වාහන සඳහා පනවා තිබූ මෙම අධි­භා­රය ඉවත් කිරීම, නව වාහ­න­වල මිල ගණන් කෙරෙහි ද බල­පෑ­මක් ඇති කරනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *