පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ විමර්ශනවලට අදාළව සැක පිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ වන විටත් ඔහු ආහාර ප්‍රතික්ෂේප කරමින් සිටින අතර සේලයින් ප්‍රතිකාර ලබා දෙන බවද පැවසේ. ආහාර ලබා ගන්නා ලෙස බිරිය, දරුවා සහ නීතිඥවරු ඉල්ලීම් කරන අතර සලේ මහතා ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවද වාර්තා වේ. මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පිරිසක් රෝහලට පැමිණ ඊයේ (08) සවස ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවද රෝහල් ආරංචි මාර්ග කියයි. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව භාරයේ සිටි සලේ මහතා ආහාර හා ජලය ප්‍රතික්ෂේප කරමින් උපවාස කිරීම නිසා පෙරේදා (07) රාත්‍රි 8.15ට පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනිණ.