රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී සුරේෂ් සලේ මහතා හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (25) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. සලේ මහතා ජාතික රෝහලේ 7 වැනි වාට්ටුවේ නේවාසික ප්රතිකාර ලබන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
ඇතිවූ කනේ අමාරුවක් හේතුවෙන් ප්රතිකාර සඳහා ඔහුව රෝහල්ගත කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කරයි. පාස්කු ඉරු දින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ත්රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි සුරේෂ් සලේ මහතා නිරීක්ෂණය කිරීමට කොටුව මහේස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා පෙරේදා (24) එහි ගොස් තිබිණි.