සිස්ටම් චේන්ජ් කරන්න ඇවිත් ත්‍රීවිල් කෑලි ගලවනවා – සජබ මන්ත්‍රී කබීර් හෂිම්

සිස්ටම් චේන්ජ් කරන්නට පැමිණි ආණ්ඩුව අන්තිමේදී කරන්නේ බුලත් විට කඩ ඉවත් කිරීම පමණක් බව  කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම්  මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

“රට බංකොලොත් වෙන්නට යන බව අප ගෝඨාභය ආණ්ඩුවටත් අප කිව්වා. ඔවුන් අපේ කතා ඇහුවා නම් රට බංකොලොත් වන්නේ නැහැ.

වී ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට සාධාරණ මිලක් දෙන බව ඡන්ද වේදිකාවේ කිව්වා. නමුත් අද එවැනි දෙයක් වන්නේ නැහැ.නිලධාරීන්ගේ දේශපාලකයන්ගේ , ව්‍යාපාරිකයන්ගේ මාෆියාව කඩන්නට හැකියාව තිබෙන්නේ තමන්ට පමණක් බව අනුර එදා ඡන්ද වේදිකාවේ උඩ පැන පැන කිව්වා.

අද කරන්නේ මොකක්ද? මිනිස්සුන්ගේ ත්‍රීවිල් කෑලි ගලවනවා. බුලත් විට කඩ ගලවනවා” යනුවෙන්ද කබීර් හෂීම් මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *