තබ්බෝව පාලම පැය 72කටත් අඩු කාලයකින් සාදා අවසන් කරයි

පසුගියදා ඇතිවූ ජලගැලීමෙන් කඩාවැටුණු පුත්තලම අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව 9 කණුව තබ්බෝව කොන්ක්‍රීට් පාලම වෙනුවට සවිකෙරුණු යකඩ පාලම ගමනා ගමනය  සඳහා අද පස්වරු 1.30ට පමණ විවෘතකළ බව පුත්තලම මාර්ග සංවර්ධන ඉංජිනේරු කාර්යාලය පැවසීය.

තබ්බෝව යුද හමුදා කඳවුර, කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  සහයද ඇතිව පෙරේදා (1) සිට මාර්ග සංවර්ධන අධිකාරියේ පාලම් ඒකකය විසින් පාලම කඩිමින් සවිකර ගමනා ගමනයට මෙසේ විවෘතකර ඇත.
 අදාළ ස්ථානයේ කලින් තිබූ කොන්ක්‍රීට් පාලම ගංවතුරට හසුවීමෙන් කඩා වැටීම නිසා මෙහි ගමනා ගමනය ඇණ හිට තිබුණි.

ජයරත්න වික්‍රමාච්චි

image df3226da66 Iri News
image 9ab18f27b6 Iri News
image 1716531d16 Iri News
image a338cbb877 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *