ශ්‍රී ලාංකික සමාගමක් තායිලන්තයේ රබර් ග්ලවුස් සමාගමක් මිලදී ගන්න යයි

ශ්‍රී ලංකාවේ කීර්තිමත් රබර් අත්වැසුම් නිෂ්පාදන සමාගමක් වන ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී විසින් තායිලන්තයේ රබර් අත්වැසුම් නිෂ්පාදනාගාරයක හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට කටයුතු යොදමින් සිටින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී හි සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා පවසන්නේ අදාළ ගනුදෙනුවට අදාළ අධ්‍යයන කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බවයි.

මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම සඳහා සිදුකරනු ලබන ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 11ක් පමණ වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් (තායිලන්ඩ්) ලිමිටඩ් විසින් මෙම ව්‍යාපාර අත්පත් කරගැනීම සිදුකිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *