එයාර් බස් ගණුදෙනුවේ ප්‍රධාන සැකකරු ලෙස නාමල් රාජපක්ෂ නම් කිරිමට නිතීපතිවරයා තීරණය කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් ලක්ෂ 20 අල්ලසක් ලබාගත්තේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු වශයෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා නම් කරන ලෙස නීතීපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට උපදෙස් දී ඇත.

මීට වසර 13කට පෙර එනම් 2013 වසරේදී අදාළ යුරෝපීය ගුවන් සමාගමෙන් ශ්‍රි ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා විසින් ලබාගත් බව කියන අදාළ අල්ලස් මුදල නාමල් රාජපක්‍ෂ මහතාට ලබාදී ඇති බව විමර්ශන වලදී හෙළී වීම නිසා නීතීපතිවරයා වෙනුවෙන් මෙම සිද්ධිය අධීක්‍ෂණය කරන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධීපති නීතීඥ දිලීප පීරීස් මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට එලෙස උපදෙස් දී ඇත.

2013 වසරේදී සිදුවු බව කියන මෙම සිද්ධියේ සැකකරුවන් වශයෙන් ශ්‍රි ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සැකකරුගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලී විජේනායක මහත්මිය ඇතුළු පිරිසක් නම්කර ඇති අතර ඔවුන්ට එරෙහිව විමර්ශන සිදු කෙරේ.

සිද්ධියේ සැකකරුවකු වශයෙන් ශ්‍රි ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා නම් කර ඔහු ඇතුළු පිරිසට එරෙහිව විමර්ශන සිදු කරමින් සිටියදී චන්ද්‍රසේන මහතාගේ මස්සිනා වු හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේදී ඔහු ගෙල වැළලාගෙන මියගොස් සිටියදී පසුගිය කාලයේ සොයා ගැණුනී.

2014/2015 අතර කාලයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් ලක්ෂ 20 අල්ලසක් ලබාගත්තේ යැයි කියන සිද්ධියට අදාළව ලැබුණු පැමිණීල්ලකට අනුව රහස් පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කෙරිණී.

ෂිද්ධියේ සැකකරියක ලෙස නම් කර ඇති ශ්‍රි ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලී විජේනායක මහත්මිය විදේශගතව සිටීම හේතූවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධීපති නීතීඥ දිලීප පීරීස් මහතාගේ උපදෙස් මත ඇයට එරෙහිව රහස් පොලිසිය නෛතික පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *