බස් සදහා වෙනම මං තීරු නිතීය හෙට සිට දැඩිව ක්‍රියාත්මක කරයි

සැප්තැම්බර් 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල බස් ප්‍රමුඛතා මංතීරු (Bus Priority Lanes) නීතිය දැඩිව බලාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

පොලිස් රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂණ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා ප්‍රකාශ කළේ, බස්නාහිර පළාතේ නම් කරන ලද ප්‍රමුඛතා මංතීරු 7ක උදෑසන 6.00 සිට 9.00 දක්වා සහ පස්වරු 4.00 සිට 7.00 දක්වා කාලය තුළ මෙම නීතිය ක්‍රියාත්මක වන බවයි.

අදාළ කාල සීමාවන් තුළ එම මංතීරුවල අනෙකුත් වාහන ධාවනය කිරීම හෝ නතර කර තැබීම සපුරා තහනම් වේ. හදිසි ආපදා තත්ත්වයකදී, අනතුරක් වළක්වා ගැනීමට, දැඩි මාර්ග බාධාවකදී හෝ හැරවීමක් සිදුකිරීමට අවශ්‍ය අවස්ථාවලදී හැර සාමාන්‍ය වාහනවලට එම මංතීරු වෙත ඇතුළු වීමට අවසර නොලැබේ.

නව මෙට්‍රෝ බස් රථවලට අමතරව අනෙකුත් මගී ප්‍රවාහන බස් රථ සඳහා ද මෙම ප්‍රමුඛතා මංතීරු භාවිත කළ හැකි අතර, අදාළ නීති කඩකරන රියදුරන් සොයා දැඩි පරීක්ෂාවන් සිදුකර නීතිමය පියවර ගන්නා බව ද පොලිසිය වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *