ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ අගය ඉදිරියේදී තවදුරටත් පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
රජයේ ආර්ථික වැඩපිළිවෙළ සහ ඉදිරියේදී ලැබීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මූල්‍ය පහසුකම් හේතුවෙන් මෙරට මූල්‍ය වෙළෙඳපොළ තවදුරටත් ස්ථාවර වනු ඇති බවට ඒ මහතා විශ්වාසය පළ කළේය.
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන විධිමත් මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් රුපියල ශක්තිමත් වෙමින් පවතින බවත්, එමඟින් මෙරට ආර්ථිකය නිවැරදි දිශානතියකට ගමන් කරමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.