වත්මන් ආණ්ඩුව අද වන විට රටේ වෙනත් කිසිදු දේශපාලනඥයෙකුට වඩා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට බියෙන් පසුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වන මහින්ද පතිරණ මහතා පවසයි.
තනි පුද්ගලයෙකු ලෙස නාමල් රාජපක්ෂ මහතා අද වන විට වත්මන් ආණ්ඩුවට එල්ල වී ඇති විශාලතම දේශපාලන අභියෝගය බවට පත්ව ඇති බවත්, ඒ හේතුවෙන්ම ආණ්ඩුව ඔහු ඉලක්ක කරගනිමින් විවිධ දේශපාලන මඩප්‍රහාර සහ මර්දනකාරී වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.