2026 ඇසළ මහා පෙරහැර නිමිත්තෙන්, මහනුවර නගරාධිපතිවරයා, නියෝජ්‍ය නගරාධිපතිවරයා සහ මන්ත්‍රී මණ්ඩලයේ අදහසකට අනුව කුඹල් මහා පෙරහැර නැරඹීම සඳහා විශේෂ පිරිසකට නොමිලේ ආසන පහසුකම් ලබාදීමට කටයුතු කර තිබේ.
ඒ අනුව ළමා නිවාසවල සිටින දරුවන්, වැඩිහිටි නිවාසවල ජීවත් වන වැඩිහිටියන් මෙන්ම මහනුවර පිළිකා වාට්ටුවේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා මෙම පහසුකම සලසා දී ඇත.
මහනුවර නගර සභා ඉතිහාසයේ පළමු වරට මෙවැනි සත්කාර්යයක් සිදුකළ බවට බොහෝ දෙනා ප්‍රශංසා කර තිබේ.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා විශේෂ සහයෝගයක් ලබාදුන් මහනගර සභාවේ සැරසිලි අංශයේ නිර්මලා මහත්මිය ප්‍රමුඛ කාර්ය මණ්ඩලයටත්, ක්වීන්ස් හෝටලයේ කළමනාකාරිත්වය ඇතුළු කාර්ය මණ්ඩලයටත් සංවිධායකයන් විසින් හදපිරි ස්තූතිය පළ කර ඇත.