ජනතාවගේ අවධානය වෙනස් කරන්න මාලිමා රජය බල්ලන් යොදගෙන පාගමන් සංවිධානය කරනවා – චරිත් අබේසිංහ

ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට මාලිමාව බල්ලන් යොදාගන්නවා – බහුජන බලයේ චරිත් අබේසිංහ චෝදනා කරයි.

​රටේ පවතින සැබෑ ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා ජාතික ජන බලවේගය (මාලිමාව) විවිධ උපක්‍රම භාවිතා කරන බව බහුජන බලය සංවිධානයේ චරිත් අබේසිංහ මහතා ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

​එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ මාලිමා ආණ්ඩුව විසින් සංවිධානය කරනු ලබන පාගමන් සඳහා සතුන් (බල්ලන්) සහභාගී කරවා ගැනීම ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක නිරත වන බවයි.

මාධ්‍ය හමුවේදී චරිත් අබේසිංහ මහතා දැක්වූ අදහස් අතර ​අවධානය වෙනස් කිරීමට රටේ ජනතාව මුහුණ දෙන දැවෙන ප්‍රශ්න යටපත් කිරීමට සහ මහජන අවධානය වෙනස් මඟකට යොමු කිරීමට “බල්ලන්” යොදාගනිමින් මෙවැනි පාගමන් සංවිධානය කරන බව ඔහු පැවසුවා.

තවද ​මාධ්‍ය ආවරණය පිළිබඳව සදහන් කළේ මෙම සාම පාගමන සජීවීව විකාශනය කිරීමට සිරස නාලිකාවට පමණක් හැකියාව ලැබී තිබීම පිළිබඳවද ඔහු මෙහිදී ප්‍රශ්න කළා.

​දේශපාලන උපක්‍රමයක් බව ආණ්ඩුව විසින් මෙවැනි සිදුවීම් හරහා ජනතාවගේ සැබෑ ආර්ථික හා සමාජීය ගැටලු අමතක කරවීමට කටයුතු කරන බවට ඔහු චෝදනා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *