අපි පක්ෂයක් විදිහට අපි ගමේ පෙළගැහෙනවා. ආණ්ඩුව මොන බලපෑමක් කෙරුවත්, කවුරු කොහොම තර්ජනය කරත්, අපි දේශපාලන බලවේගයක් විදිහට, පක්ෂයක් විදිහට අපි ගම් මට්ටමෙන් ගොඩනැගෙනවා” යැයි පාලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඒ ඊයේ (19) ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කළ වැල්ලවායේ පැවති ජන හමුවකට එක්වෙමින්.
“හැම ඇමතිවරයගෙම මොකක්ද කටේ තියෙන්නේ? අවුරුදු 20කට 30කට ආණ්ඩු දෙන්නේ නෑ කියලා. අපිත් ආණ්ඩු ඉන්න කාලේ ඔහොම තමයි හිතාගෙන හිටියේ. අපිත් හිතන් හිටියේ එහෙමයි. මේ අපේ හාමුදුරුවනේ, දැන් මේ අනුර කුමාර මහත්තයා හිතාගෙන ඉන්නවා නම් අපිව හිරේ දාලා, නිලධාරීන් බය කරලා, පොලීසිය බය කරලා, හමුදාව බය කරලා, බුද්ධි අංශ නිලධාරීන් හිර කරලා, දේශපාලනඥයෝ ඇතුළට දාලා වහලා, බන්ධනාගාර පෙන්නලා අවුරුදු 20ක් ඉන්න පුළුවන් කියලා. අනේ ඔබතුමාට වැරදිලා. අපි පක්ෂයක් විදිහට අපි ගමේ පෙළගැහෙනවා. ආණ්ඩුව මොන බලපෑමක් කෙරුවත්, කවුරු කොහොම තර්ජනය කරත්, අපි දේශපාලන බලවේගයක් විදිහට, පක්ෂයක් විදිහට අපි ගම් මට්ටමෙන් ගොඩනැගෙනවා. ඒ ගොඩනැගෙන බලවේගය හින්දා තමයි අද ඔබතුමන්ලා ඒකරාශී වෙන්නේ ” යැයි මන්ත්රීවරයා කියා සිටියා.