රජය, රාජ්‍ය රෝහල් පද්ධතිය තුළ කැත් රසායානාගර ජාලය පුළුල් කිරීමේ අරමුණ හාද රෝගීන්, කැතීටකරණ ක්‍රියාවලිය සදහා රැදී සිටීමේ කාලය අවුරුද්දක සිට මාසය දක්වා අඩු කිරීම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද දිනයේ දී කොළඹ ජාතික රෝහල ත-ුළ හෘද කැතීටකරණ රසායානාගාර දෙකක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබුණි.
රාජ්‍ය රෝහල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන කැත් රසායනාගාර සංඛ්‍යාව ඉදිරි වසර කිහිපය තුළ දහයේ සිට විසි හය දක්වා ඉහළ නංවන බව අමාත්‍යවරයා පවසයි.
ඊට අමතරව, ජාතික රෝහල ත-ුළ, මහල් දහසයකින් යුත-ු හෘද රෝග සදහා ප්‍රතිකාර කිරීමේ ඒකකයක් ඉදි කිරීමට නියමිත අතර, එය 2029 වසරේ සැප්තැම්බර් වන විට විවෘත කරන බවද අමාත්‍යවරයා පවසයි.