යහපාලනය රජය රාජපක්ෂ කදවුරේ කෙනෙකුගේ හොංකොං ගිණුමේ ඩොලර් මිලියන 22 සීස් කිරීම අපේ අය ඩීල් දාලා ෂේප් කළා – ආශූ මාරසිංහ

2015 යහපාලන රජය බලයට පත් වීමෙන් පසුව, පෙර පැවති රාජපක්ෂ පාලනයේ ප්‍රබලයෙකුට අයත්ව තිබුණු, ඩොලර් මිලියන 22 ක මුදලක් සහිත, හොංකොන් හී බැංකු ගිනුමක් සීස් කර, අදාල පාර්ශ්වයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ අවස්ථාවේ දී, යහපලන රජයේ ඩීල් කරුවන් මැදිහත් වී එය වැළැක් වූ බව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආෂු මාරසිංහ මහතා පවසයි.

අද වන විට, මේ රජයට එරෙහිව හඬ නගන්නේ එබදු දූ.ෂි.ත.ය.න් යැයි ඔහු චෝදනා කරයි.

එමෙන්ම, වත්මන් රජයට එරෙහිව හඬ නැගීමට, ඒ සදහා දැනට ඉදිරිපත්ව සිටින සුන්බුන් විපක්ෂයේ කිසිවකුට සුජාත භාවයක් නැති බවද ඔහු පවසයි.

එමෙන්ම රාජපක්ෂවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්ම කිරීම දේශපාලන පළිගැනීමක් ලෙස නොසිතන ආෂු මාරසිංහ, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු බවද අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *