හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 සැප්තැම්බර් මස සිදුකළ බ්‍රිතාන්‍ය සංචාරය, එරට රජයේ නිල ආරාධනයක් මත සිදු වූ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් නොවන බව බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය නිකුත් කළ නිල වියදම් සහ සංචාරක දත්ත ලේඛන මගින් අනාවරණය වී තිබේ.
2023 ජූලි මස සිට 2024 දෙසැම්බර් දක්වා කාලය තුළ බ්‍රිතාන්‍ය රජයේ නිල ආරාධනය මත එරටට පැමිණි රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ නම් ලැයිස්තුව මෙන්ම ඔවුන් වෙනුවෙන් වැය කළ මුදල් පිළිබඳ විස්තර ඇතුළත් විනිවිදභාවය පිළිබඳ නිල වාර්තාව (Transparency Data) මෑතකදී ප්‍රසිද්ධ කර ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා 2023 සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල බ්‍රිතාන්‍යයේ රැඳී සිටියද, බ්‍රිතාන්‍ය රජය නිකුත් කර ඇති අදාළ නිල ආරාධිත රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ ලේඛනයට ඔහුගේ නම ඇතුළත් වී නොමැත.