අවුරුදු 14ක දැරියක් අපයෝජනය කළ මවුලවි උසාවියට භාර වෙයි

වයස අවුරුදු 14ක දැරියක් බරපතල ලිංගික අපයෝජනය කිරීමක් සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර, එරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අපරාධය සිදුකිරීමෙන් අනතුරුව ප්‍රදේශයෙන් පලාගොස් සිටිය දී නීතීඥවරයෙකු මාර්ගයෙන් අම්පාර ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

මෙලෙස අධිකරණය භාර වී ඇති ප්‍රධාන සැකකරු වයස අවුරුදු 21ක මවුලවිවරයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහුත් එරගම ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර, අධිකරණය වෙත භාර වූ සැකකරු ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි වාර්තා වුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *