පාස්කු ප්‍රහාරය අභ්‍යන්තර දේශපාලන කුමන්ත්‍රණයක් බවට වන ප්‍රබන්ධය, මෙම නඩු තීන්දුවෙන් බිඳ වැටෙනවා – සංජීව එදිරිමාන්න

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාවේ දේශපාලන බල පෙරළියක් සඳහා වන අභ්‍යන්තර දේශපාලන කුමන්ත්‍රණයක් බවට වන ප්‍රබන්ධය ඊයේ (22) ප්‍රකාශයට පත් කරන ලද පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන නඩුවේ තීන්දුවෙන් බිඳ වැටී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

එම ප්‍රහාරය අභ්‍යන්තර දේශපාලන කුමන්ත්‍රණයක් බවට එල්ල වූ චෝදනාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිත එකක් බව මෙම නඩු තීන්දුවෙන් තහවුරු වන බවයි අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඇතුළු රටවල් ද විමර්ශන සිදු කළ බවත්, ඇමරිකාව ඊට අදාළව නඩු පැවරීම් ද සිදු කර තිබුණු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *