සම්බුද්ධ ශාසනයේ හෝ වෙනත් කිසිදු ආගමක පැවැත්ම තීරණය කිරීමට රජයට, ජනාධිපතිවරයාට හෝ පාලන තන්ත්රයට නොහැකි බවත්, එහි පැවැත්ම මුළුමනින්ම රඳා පවතින්නේ මිනිසුන්ගේ හැසිරීම මත පමණක් බවත් පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමියන් පවසති.
‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරිං’ යන බුදු වදන සිහිපත් කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ, යමෙකු ධර්මයේ හැසිරෙන්නේ නම් ධර්මය විසින්ම ඔහුව සදාකාලිකව සුරක්ෂිත කරන බවයි.