බම්බලපිටියේ සිට දෙහිවල දක්වා වෙරළ තීරයේ පවත්වාගෙන යන අනවසර හෝටල් සහ අනෙකුත් ඉදිකිරීම් සැප්තැම්බර් 10 වැනිදාට පෙර ඉවත් කරන ලෙසට බලධාරීන් විසින් නියෝග කර ඇති බව සතිඅන්ත රජයේ ජාතික පුවත්පතක් වාර්තා කරනවා.
එම පුවත්පත වාර්තා කර ඇති පරිදි, වෙරළ සංරක්ෂණ බලධාරීන් විසින් අදාළ අනවසර ව්‍යාපාරික ස්ථාන සහ ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන්.
වෙරළ කලාපය තුළ අවසරයකින් තොරව සිදුකරන ඉදිකිරීම් සහ පවත්වාගෙන යන ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගවල කොටසක් ලෙස මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි එම වාර්තාවේ සඳහන් වෙන්නේ.
ඒ අනුව නියමිත කාලය තුළ අදාළ අනවසර ඉදිකිරීම් සහ ව්‍යාපාරික ස්ථාන ඉවත් නොකරන ආයතන සම්බන්ධයෙන් නීතිමය සහ පරිපාලන ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් සූදානමින් සිටින බවද සඳහන්.