“කෙඳිරි ගගා ඉන්නේ නැතුව පරණ මිනිස්සු හොරකම් කරලා තියෙනවා නම් ඒවත් අල්ලන්න. ඒත් ඊට කලින් ලඟම හිතවතා කරලා තියෙන මංකොල්ලය ගැන හොයන්න” යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන් ප්‍රශ්න කර සිටී.
ඊයේ පැවති SLPP මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ කාරියවසම් මහතා කියා සිටියේ, “අනුර කුමාර මහත්තයෝ පරණ ගනුදෙනු ගැන හෙව්වා කියලා” ප්‍රකාශ කළද, “කරපු හොරකම නම් වහගන්න බෑ” බවයි.
“හොරකම් හෙව්වට කමක් නෑ. පරණ අය හොරකම් කරලා තියෙනවා නම් අල්ලන්න ඕනේ තමයි. හැබැයි කෙඳිරි ගගා ඉන්නෙ නැතුව වැඩේ කරන්න” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ මහතා අවධාරණය කළේ, පරණ ගනුදෙනු සොයන අතරතුර තමන්ගේ ලඟම හිතවතුන් සිදුකර ඇති බවට චෝදනා එල්ල වන මහා පරිමාණ වංචා පිළිබඳවද ප්‍රථමයෙන් අවධානය යොමු කළ යුතු බවයි.
මෙම ප්‍රකාශය මගින් වත්මන් දේශපාලන වේදිකාවේ දූෂණ විරෝධී සටන් පාඨ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර පවතින උණුසුම් කතාබහ තවදුරටත් තීව්ර වී තිබේ.