පාස්කු මහ නඩුවේ 06 වැනි වරදකරුගෙන් අධිකරණයට ප්‍රකාශයක්
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට සම්බන්ධ නඩු විභාගයේදී විත්තිවාචික ලබා නොදී නිහඩව සිට අද (22) දින වරදකරු වු 6 වන සැකකරු වන මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් තමන්ට නියම කළ දඬුවම ගැන මෙසේ විවෘත අධිකරණයේදී කරුණු ඉදිරිපත් කළා.
“බොහොම සතුටින් මං ඉන්නේ. ඔබතුමාලා තිදෙනාට මට තියෙන සතුට නැහැ කියලා මම හිතනවා. හිතට එකඟවම ඔබතුමාලට දඬුවමක් දෙන්න බැහැ කියලා මට තේරෙනවා. ප්‍රථම වතාවට මං කතා කරන්නේ. නිහඬ පිළිවෙතක් තමයි මම අනුගමනය කළේ.
අල්ලාහ් දෙවියන් අවස්ථාවක් දීලා තියෙනවා. මම වරදකරු වුණා. ඒ අවස්ථාවේත් මං ගැන සතුටුයි. රටේ පවතින තත්ත්වය ගොඩක් බලපානවා. අගතියට පත් පාර්ශ්වයට අපේ පවුලෙන් අපි වරදක් කරලා නැහැ. අල්ලාහ් දෙවියන් දන්නවා වරදක් කරලා නැහැ කියලා. මෙම සිද්ධියට කවුරු හරි මම කරලා තියෙනවා නම්, ඒක දෙයියෝ බලාගනි.”
” යුක්තිය ඉටු කරන එකම අවස්ථාවක් ලැබෙනවා නම් මං දිනූ දේශය වෙනුවෙන් යුක්තිය ඉටු කරනවා. මේකට සම්බන්ධ කට්ටිය ඉන්නවා. ගින්නක් නැතුව දුමක් නගින්න නැහැ. මේ සිද්ධියට සම්බන්ධ එළියේ ඉන්න අය ප්‍රශ්න ඔළුවේ උඩ තියාන ගිනි අරන් වගේ ඉන්නේ. අපිත් එක්ක අද නිදහස් වෙලා ගිය අය ගියේ අඬාගෙන. නමුත් අපි වරදකරුවන් වුණත් ඉන්නේ හිනාවෙලා. අපි හිනාවෙලා බාරගත්තා.”
” මේ වගේ නඩු විභාගයක් දැකලවත් නැති ඇති. මගේ වයිෆ් කැන්සර් රෝගයකින් පෙලෙනවා. අම්මට අවුරුදු හැත්තෑ පහයි. නංගි ඕලෙවල් කරලා ඉන්නේ. නමුත් මම ඒවා ගැන හිතන්නෑ මම ඉන්නේ සතුටින්.
මට කියන්න තියෙන්නේ අපි නොකරපු වරදකට ඇයි අපිව පත්කලේ. මම කැමතියි මෙම සිද්ධියට අදාල සාක්ෂි දෙන්න. ඒ කියන්නේ යුක්තිය ඉටු වෙන්න.”