පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම හා පවතින දේශපාලන චෝදනා පිළිබඳව අදහස් දක්වමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අද (09) මාධ්‍ය හමුවකදී අදහස් දක්වා තිබේ.
“එදා රනිල් කවුද හොරා, මහින්ද හොරා කියලා කෑ ගැහුවා නේද?” යනුවෙන් අතීත දේශපාලන ගැටුම් සිහිපත් කරමින් ඔහු ප්‍රශ්න කර සිටියේය.
ඕනෑම පුද්ගලයෙකුට ජීවිතේ වැරදි කළාම, තමන් කරපු වැරැද්ද පිළිගෙන නිවැරදි වෙන්නට අවස්ථාව තිබිය යුතු බවත්, එවැනි අවස්ථාවක් අංගුලිමාලට පවා ලැබුණු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එසේම, එවැනි අවස්ථාවක් අනෙකුත් ඕනෑම පුද්ගලයෙකුට ද තිබිය යුතු බව සාගර කාරියවසම් මහතා අවධාරණය කර සිටියේය.