ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා එයාර් බස් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අල්ලස් ලබා ගැනීම සහ මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව එම ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.බී දිසානායක මහතා අදහස් පල කර තිබුණා.
එහිදී ඔහු සඳහන් කළේ, එවක සිදු වූ ජාත්‍යන්තර ගනුදෙනු සියල්ලේම ගසාකෑම් සහ සොරකම් තිබූ බවයි.
එවැනි දූෂණ, වංචා සිදු වී ඇත්නම් හෝ එවැනි ගනුදෙනුවල සාක්ෂි සටහන් තිබේ නම් එම වැරඩිකරුවන්ට දඬුවම් දීම සම්බන්ධයෙන් පෞද්ගලිකව තමා සතුටු වන බව ඔහු කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ,
“ඒ කාලේ ජාත්‍යන්තර වශයෙන් සිද්ධ වෙච්ච ගනුදෙනු හැම එකකම ගසා කෑම් තිබ්බා. හොරකම් තිබ්බා. ඒ නිසා එයාර්බස් වගේ දේවල්වල හොරකම් සිද්ධ වෙලා තියෙනවා නම් ඒවට හරියට සාක්ෂි සටහන් තියෙනවා නම් වැරදිකාරයෝ අරගෙන දඬුවම් කරන එක පෞද්ගලිකව මම නම් සතුටුයි…”
Source – News19