ජනාධිපතිගේ රැස්වීම් දෙකට සෙනඟ හිටියේ නෑ, හිටියේ 5000 යි 7000 යි, JVP එකේ මීහරක් බස්වල පුරවලා ගෙනල්ලා – දයාසිරි

විපක්ෂය කිසිවිටෙකත් කැබලිවලට නොබෙදෙන බවත්, තනි අපේක්ෂකයෙකු ඉදිරිපත් කර පවතින තත්ත්වය අවසන් කිරීමට උත්සාහ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

පසුගියදා ජනාධිපතිවරයා විසින් පැවැත්වූ රැස්වීම් දෙකෙහිම බලාපොරොත්තු වූ තරම් පිරිසක් නොසිටි බවත්, එක් රැස්වීමක 5,000 ක සහ අනෙක් රැස්වීමෙහි 7,000 ක පමණ පිරිසක් පමණක් සිටි බවත් ඔහු සඳහන් කළා.

ජනතා විමුක්ති පෙරමුණේ ‘මීහරක්’ බස් රථවල පුරවා ගෙන ඒමට හැකියාව ඇති නිසා එහි ගැටලුවක් නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.

එම රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරන බවට ප්‍රකාශ කළ බවත්, එමගින් ජනමත විචාරණයක් නොමැති බවට ජනාධිපතිවරයා දන්නා බව හැඟී යන බවත් ඔහු ප්‍රකාශ කළා. 

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොවිමසා, එම තීන්දුව පැලවත්තෙන් විමසා සිටියේ නම් මීට වඩා සුදුසු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේම අදාළ රැස්වීමේදී ජනාධිපතිවරයා අසත්‍ය කරුණු රැසක් ප්‍රකාශ කළ බවත්, ඒවා අසා සිටීමට පවා නොහැකි තරමේ ‘හිරිකිත’ ඒවා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *