මෙයාලා මේ රට භාර දෙනවා,භාණ්ඩාරගාරය හිස් කරලයි යන්නේ – මන්ත්‍රී ජගත් විතාන

ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) සාමාජිකයින් 12 දෙනෙකු මේ වන විටත් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇති බවත්, ඉදිරි කාලය තුළ එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.

වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කළ මන්ත්‍රීවරයා, පවතින පාලන ක්‍රමය යටතේ රටේ අනාගතය පිළිබඳව බරපතළ අනාවැකියක් ද පළ කළේය.

“මම අනාවැකියක් කියනවා. මෙයාලා අනිවාර්යයෙන්ම මේ රට භා​ර දෙනවා. කොයි මිනිහා බලයට ගත්තත් මේ තත්ත්වය හදන්න අමාරුයි. මොකද මෙයාලා යන්නේ භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම හිස් කරලා,” යනුවෙන් ජගත් විතාන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *