ඔවුන් හයිනා රංචුවක් මෙන් පැමිණ හාවුන් රැළක් මෙන් පිටව ගියේ ය – සන්ඩේ ටයිම්ස් දේශපාලන ලිපිය කියයි

සන්ඩේ ටයිම්ස් දේශපාලන ලිපිය ඇසුරෙනි.

පසුගිය දා ජනාධිපතිවරයා සහ නීතීඥ සංගමය අතර පැවති හමුව පිළිබදව අද වෙළද පොළට නිකුත්ව ඇති සන්ඩේ ටයිම්ස් පුවත්පත සිය සුප්‍රකට දේශපාලන ලිපිය ඔස්සේ වාර්තා කර තිබේ.

ව්‍යවස්ථා සංශෝධනයක් හේතුවෙන් පෙර සිටි ජනාධිපතිවරයෙකුට ධුරයෙන් ඉවත් වීමට සිදුවූ බවත්, වත්මන් ජනාධිපතිවරයාටත් මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ හොත් එම ඉරණමම අත්විය හැකි බවත්, නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරයෙකු වූ උපුල් ජයසූරිය මහතා ජනාධිපතිවරයා සමග පැවති හමුවේ දී පවසා තිබුණු බව වාර්තා විය.

නීතීඥ උපුල් ජයසූරිය මහතාගේ එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා තිබුණේ තමන් ඕනෑම මොහොතක ජනාධිපති ධූරයෙන් ඉවත්ව යාමට සූදානම් බවයි.

එබැවින්, අවශ්‍ය ප්‍රතිසංස්කණ සිදු කිරීම සදහා ඕනෑම අවදානමක් ගැනීමට තමන් සූදානම් බවද ජනාධිපතිවරයා පැවසී ය.

නීතීඥ උපුල් ජයසූරිය මහතා, තමන් ජනාධිපතිවරයා හමුවේ පවසා තිබුණු දේ පිළිබදව පසුව පැහැදිලි කිරීමක් කර ඇති බව සන්ඩේ ටයිම්ස් අදාල ලිපිය වාර්තා කරයි.

ඊට අනුව, ඔහු සඳහන් කර ඇත්f්ත විධායකය සහ ව්‍යවස්ථාදායකය, අධිකරණයට මැදිහත් වූ පෙර අවස්ථාවක් වූහිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය පිළිබඳවය.

එකල සිටි අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුව විසින් සම්මත කළද එය ජනතාව විසින් අනුමත නොකළ බව නීතීඥ උපුල් ජයසූරිය පවසා තිබේ.

එබැවින්, ජනතාවට අනුමත කළ හැකි ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වා දෙන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව නීතීඥ උපුල් ජයසූරිය පවසා ඇතැයි, සන්ඩේ ටයිම්ස් වැඩිදුරටත් වාර්තා කරයි.

ජනාධිපතිවරයා සහ නීතීඥ සංගමය අතර පැවති හමුව පිළිබදව, ආණ්ඩුවට හිතවත් මූලාශ්‍රයක් පවසා සිටි කරුණු කිහිපයක් ද සන්ඩේ ටයිම්ස් දේශපාලන ලිපිය වාර්තා කර තිබේ.

ඒ අනුව, හයිනා රංචුවක් මෙන් පැමිණි නීතීඥ සංගමයේ නියෝජිතයන්, සාකච්ඡාව අවසන් කර, හාවුල් රැලක් මෙන් පිටව ගිය බව, එම මූලාශ්‍රය තමන් සමග පැවසූ බව, සන්ඩේ ටයිම්ස් දේශපාලන ලියිම්කරු පවසයි.

ජනාධිපතිවරයා සමග හමුව පැවැත්වීමට නියමිතව තිබුණු දිනයේ උදෑසන, එම හමුව සදහා පැමිණීමට පෙර, නීතීඥ සංගමය නිකුත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළ කිරීමෙන් පසු එම සංගමය බොහෝ දුරට නිහඬ වූ බව අදාල මූලාශ්‍රය සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග පවසා තිබේ.

සංශෝධනය ලබන වසර දක්වා ඇදගෙන යාමට නීතීඥ සංගමයට අවශ්‍ය බව පෙනෙන්නට තිබෙන බව ද එම මූලාශ්‍රය පවසයි.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන දෙසැම්බර් මාසයේදී විශ්‍රාම ගැනීමට නියමිත බවත්, වත්මන් අගවිනිසුරුවරයා විශ්‍රාම යන තෙක් පමණක් අදාල සංශෝධනය බලාත්මක වීම වළක්වා ගැනීමට ඔවුන්ට අවශ්‍යව ඇති බවත්, ඉන් පසුව සංශෝධනය ගෙන ඒම ඔවුන්ට ප්‍රශ්නයක් නොවන බවත් පෙනෙන්නට ඇතැයි එම මූදාශ්‍රය පුවත්පතට පවසා තිබේ.

Via : Headline News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *