රට පුරා මගී ප්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථ නියාමනය කිරීමට ඉදිරි මාස දෙකක කාලය ඇතුළත වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ඒ අනුව ජාතික ගමනාගමන කොමිසමට මෙම ක්‍රියාවලියේදී බලතල ලැබෙන පරිදි සංශෝධනය කරන ලද පනත නුදුරේදීම අනුමැතියට ඉදිරිපත් කරන බවත් හෙතෙම පවසයි.
ත්‍රී රෝද රථවලින් ගමන් කරන මගීන් සඳහා අය කරන ගාස්තු හා ත්‍රිරෝද රථ රියදුරුගේ විස්තරත් වාහනය අංකයත් හඳුනාගත වන හැකි පරිදි රිසිට් පතක් නිකුත් කිරීමට අනිවාර්ය කරන බවද හෙතෙම අවධාරණය කරයි.
පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරයකු විමසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.