අනියම් පෙම්වතා සමඟ පැන ගිය තම බිරිය ආපසු කැඳවා දෙන ලෙස ඉල්ලමින් වවුනියාව බණ්ඩාරිකුලම ප්රදේශයේ දෙදෙරු පියෙකු වවුනියාව පොලිසිය ඉදිරිපිට පිහිටි රූස්ස ගසකට නැඟ පෙරේදා (03) විරෝධතාවක නිරත විය.
ගසට නගින ලද පුද්ගලයා පවසා සිටියේ ඔහුගේ බිරිය ගෙනැවිත් නොදෙන්නේ නම් එම ගසෙන් බිමට පැන සිය දිවි හානි කර ගන්නා බවය. ජංගම දුරකතනයක්ද රැගෙන ගස මුදුනට ගොස් සිටි ඔහු අනෙක් සියලු දෙනා සමඟ පණිවුඩ හුවමාරු කර ගන්නා ලද්දේ එම දුරකතනය ඔස්සේය.
සිද්ධිය සැලවීමත් සමඟම ගසට නගින ලද පුද්ගලයාගේ ඥාතීන් දරුවන් දෙදෙනාද සමඟ ගස යටට පැමිණ ඔහුට බැගෑපත් වෙමින් ප්රකාශ කළේ කෙසේ හෝ බිරිය රැගෙනවිත් දෙන නිසා ගසින් බිමට නොපැන වහාම ඉන් බසින ලෙසයි. පොලිස් නිලධාරීන් පැය දෙකකට වඩා වැඩි කාලයක් ඔහු සමඟ අදහස් හුවමරු කරගත් නමුත් ඔහු ගසින් බැසීමට එකඟ නොවීය. පසුව ඔහුව රවටා ගසින් බස්සවා ගත් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ ප්රකාශයක් මත පලා ගිය බිරිය අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.