ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කළ බව එම සංගම් නිවේදනය කරයි.
සේවයට වාර්තා කළ පසු සේවය හැර ගියා සේ සලකන ලිපි ඉවත් කරගන්නා බව ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන වෘත්තීය සංගම් වෙත පවසා ඇතැයි වාර්තා වේ.
වර්ජනයේ නිරත වෙමින් සේවයට වාර්තා නොකළ සියලුම දුම්රිය සේවකයින් සඳහා “සේවය හැරගියා සේ සලකා” ලිපි නිකුත්කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ ඊයේ ( 11) පස්වරුවේය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ හමුදාව සහ ආරක්ෂක අංශ යොදාගෙන දුම්රිය සේවය පවත්වාගෙන යන බවය.
ඒ අතර රටේ රාජ්‍ය සේවා වෘත්තීය සමිති සමග සම්බන්ධව දැවැන්ත ඒකාබද්ධ වර්ජනයක් ක්‍රියාත්මක කිරීම දක්වා වෘත්තීය සමිති අද සවස් වනවිට තීරණය කර තිබිණි.