ට්‍රැවල් කාඩ් මගින් බස් ගාස්තු ගෙවන්න දෙයි

සිය ආදායම් දිගින් දිගට ම අහිමි වීම මත ට්‍රැවල් කාඩ්පතින් මුදල් ගෙවීම් ක්‍රමවේදයට බස් සමාගම් කැමැත්ත පළ කර ඇති බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම පැවසීය.

එම සමාගම් ආදායම සුරක්ෂිත කර ගැනීම සඳහා ට්‍රැවල් කාඩ් හඳුන්වා දීමට ද කැමැත්ත පළ කර ඇති බව සභාපතිවරයා කීය.

අයථා ගාස්තු අය කිරීම පිළිබඳ මගී ජනතාවගෙන් බොහෝ පැමිණිලි ලැබී ඇති බව ද එය වළක්වා ගැනීමට එක ම විසඳුම ට්‍රැවල් කාඩ්පතින් ගෙවීම පමණක් බව ද ඔහු අවධාරණය කරයි.

මේ වන විට ද ප්‍රවාහන අමාත්‍යංශය ඊට අදාළ ටෙන්ඩර් පත් කැඳවීම් ද සිදු කර ඇති බව වෙල්ගම මහතා වැඩිදුරට ත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *