පන්තිවල ඡන්ද විමසීම් පැවැත්වූ ටියුෂන් ගුරුවරුන්ට වැඩ වරදින ලකුණු

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උපකාරක පන්ති ගුරුවරුන් විසින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මත විමසමින් ඡන්ද පවත්වා ඒවා අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, අදාළ සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති බවයි.

සැකකාර උපකාරක පන්ති ගුරුවරුන්, මැතිවරණය සම්බන්ධයෙන් අයුතු බලපෑම් කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් පෙන්වා දෙනවා.

එවැනි සිද්ධි සම්බන්ධයෙන් පොලීසිය වෙත පැමිණිලි කිරීමට ජනතාවට හැකියාව පවතින බවද ඔහු සඳහන් කළා.

මේ අතර, ඡන්දදායකයින්ගේ ස්වාධීන මතයට බලපෑම් කරන මැතිවරණ සමීක්ෂණ දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අනතුරු අඟවා තිබෙනවා.

ඡන්ද දායකයින්ගේ ස්වාධීන මතයට බලපෑම් කරන මැතිවරණ සමීක්ෂණ පැවැත්වීමෙන් වළකින ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *