එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඩො.බිලියන 1 ක සෘජු විදේශ ආයෝජන ලංකාවට

අනුර කුමාර දිසා­නා­යක මහතා ජනා­ධි­ප­ති­ව­රයා බවට පත්ව වස­රක් ගත­වන අව­ස්ථා­වේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය­යෙන් ඍජු විදේශ ආයෝ­ජන ලෙස ඩොලර් මිලි­යන 1000ක් මෙර­ටට ලැබී ඇති බවත් එය රට ලැබූ විශාල ජය­ග්‍ර­හ­ණ­යක් බවත් පාර්ලි­මේන්තු සභා­නා­යක, ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (09) පැවැ­සීය. ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර අත්සන් කළ ගිවි­සුම පිළි­බඳ යෝජනා සම්ම­ත­යට අදාළ විවා­ද­යට එක්වෙ­මින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

අද අපි මේ අත්සන් කරන ගිවි­සු­මට පාර්ලි­මේ­න්තුවේ තුනෙන් දෙකක අනු­මැ­ති­යක් තියෙන්න ඕන. ඒක අපට ලැබෙ­නවා. මෙවැනි ගිවි­සුම් 12ක් පමණ පසු­ගිය ආණ්ඩු යටතේ අත්සන් කර තිබෙ­නවා. එය හොඳ දෙයක්. සැප්තැ­ම්බ­ර්ව­ලට අනුර සහෝ­ද­රයා ජනා­ධි­ප­ති­ව­රයා වෙලා වස­රක් ගත වෙනවා. එක්සත් එමීර් රාජ්‍ය සමඟ මේ ගිවි­සුම ප්‍රකා­රව කට­යුතු කර­නවා. ඩොලර් මිලි­යන 1000ක ඍජු විදේශ ආයෝ­ජන මෙර­ටට ලැබී තිබෙ­නවා. වස­රක් තුළදී එය සිදු වුණා. බිඳ වැටුණු රට­කට තමයි අපි මේ ආයෝ­ජන ගෙනාවේ. දක්ෂ­තාව, කාර්ය­ක්ෂ­ම­තාව, අදූ­ෂි­ත­භා­වය යනා දී කාරණා නිසා තමයි මේ ආයෝ­ජන ගෙන ඒමට හැකි වුණේ. කුහක අයට මේ කාර­ණාව පිළි­ගන්න බැරි වුණාට සත්‍ය කාර­ණාව එය වෙනවා. අපි ආයෝ­ජ­ක­යන් මුණ­ගැ­හෙ­නවා. එහිදී ඔවුන් කියන්නේ ඉස්ස­රට වඩා දැන් ලංකා­වත් එක්ක වැඩ කරන්න පුළු­වන් කියලා. රටේ දේශ­පා­ලන මර්ද­න­යෙන් තොර ඡන්ද දූෂ­ණ­ව­ලින් තොර ආණ්ඩු­වක් අපි හදලා තිබෙ­නවා.

ඒ නිසා ලංකා­වට ලෝකයේ ප්‍රධා­නීන් පැමිණ රට ගැන හොඳ කිය­නවා. දැනුත් විප­ක්ෂය අමු ජාති­වා­ද­යක් ඇති කරන්න කට­යුතු කර­නවා. එහෙම තිබි­ය­දීත් අපි ජාති­වාදී නොවන ලෙස රට තුළ සංහි­ඳි­යා­වට කට­යුතු කර­නවා.

නාමල් ජනා­ධි­පති වෙන්න හදන්නේ අයි­ස්ල­න්ත­යේදී. රාජ්‍ය­යට විරු­ද්ධව රාජ්‍ය තුළ අපි අර­ග­ල­යක් කර­නවා කියලා ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කර­නවා. කුඩු මුද­ලාලි මෙතන කියන්නේ මොකද්ද. අප­රා­ධ­ක­රු­වන් කියලා අල්ලා­ගෙන ආපු අය අප­රා­ධ­ක­රු­වන් කියලා පිළි­ග­ත්තත් නොග­ත්තත් ඒක විත­රයි. නමුත් මේ විප­ක්ෂයේ දේශ­පා­ල­ක­යන් කරන දේ මොන­වාද. ජාතික ජන බල­වේ­ග­යට ගහන්න තමයි විප­ක්ෂ­යට ඕන වෙලා තිබෙන්නේ. ඒ නිසා සජ­බය පොහො­ට්ටු­වත් එක්ක හිට ගන්නවා. සජ­බය දැන් ඉන්නේ නාමල්ලා එක්ක. රනිල් එක්ක. අයි­ස්කා­ර­යොත් එක්ක තමයි සජ­බය ඉන්නේ. ඒකා­බද්ධ විප­ක්ෂය කියලා තමයි සජ­බය එන්නේ. කුඩු, අයිස්, පාතා­ලය පව­ත්වා­ගෙන යෑමට අම­ත­රව ඒ ප්‍රශ්නය ආණ්ඩු­වට එල්ල කර­නවා. දේශ­පා­ල­නයේ අවම සදා­චා­ර­යක් තියෙන්න ඕන. නිද­හස් පල­ස්තී­න­යක් ඇති වෙන්න ඕන. එය අපි පිළි­ග­න්නවා” යැයිද හෙතෙම කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *