පාතාලයේ වත්කම් කෝටි 3902ක් රජය භාරයට ගනියි

2021 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කාලය තුළදී සංවිධානාත්මක අපරාධකරුවන්ගේ වත්කම් කෝටි 3902ක් මේ වන විට රජය සතු කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය. කුමාර වුට්ලර්  මහතා පැවසීය.

එමෙන්ම මේ වසරේ ජනවාරි මස පළවෙනිදා සිට මේ දක්වා වත්කම් රුපියල් කෝටි හැත්තෑ තුනක දේපළ ක්‍රියා විරහිත තත්ත්වයට පත් කර ඇති බවත් එම දේපොළ රජය සතු කර ගැනීම සඳහා කටයුතු සිදු කරමින් පවතින බවත්  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එම ක්‍රියා විරහිත කර ඇති දේපොළ අතර රත්‍රං  පවුම් 354 ක්, මෝටර් රථ 72 ක්, සුඛෝපභෝගී නිවාස 35 ක්, අක්කර 37ක භූමි ප්‍රමාණයක්, මුදලින් රුපියල් හැට හත් කෝටියක් පවතින බවද  වුට්ලර් මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *