නව රජය දූෂණයට එරෙහිව ගෙන යන සටන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතාගේ ඇගැයීමට ලක්ව තිබේ.
ඒ නමුත්, අඛණ්ඩව සිදුවන මානව හිමිකම් උල්ලංඝණය වීම් නැවැත්වීම සදහා ද දූෂණ විරෝධී සටනට දක්වන උනන්දුවම දක්වන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියි.
අත්අඩංගුවේ සිටිය දී සිදුවන මරණ සහ මෑත කාලීනව බන්ධනාගාර තුළ ඇති වූ ගැටුම් ආදිය පිළිබදව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්රධානියගේ අවධානයට යොමුව තිබේ.
“දූෂණ සිද්ධීන් සහ යුද්ධයෙන් පසු කාලපරිච්ඡේදයට සම්බන්ධ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්රී ලංකා බලධාරීන් පියවර ගැනීම දිරිගන්වනසුලු වුවද, රට තුළ දිගු කලක් තිස්සේ පවතින දඬුවම් නොලැබීමේ තත්ත්වය අවසන් කිරීමට තවදුරටත් කටයුතු කළ යුතුව ඇත.” මානව හිමිකම් ප්රධානියා පවසා තිබේ.
ත්රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන තෙක්, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගු-වට නොගන්නා ලෙසත්, දැනට අත්අඩංගුවට ගෙන ඇති පිරිස් මුදා හරින ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්රධානියා රජයෙන් ඉල්ලා තිබේ.