මානසික පීඩාවට පත්වන සරසවි සිසුන් ඉන් මුදා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යාංශය අරඹයි

විශ්ව විද්‍යාල තුළ මානසිකව පීඩාවට පත්වන සිසුන් ඉන් මුදා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ මනෝ විද්‍යාව පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්  සම්බන්ධ කරගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි

පසුගිය මාස කිහිපයේදී විශ්ව විද්‍යාල සිසුන් සිය දිවි නසා ගැනීම් සහ අනෙකුත් ගැටලුකාරී තත්ත්වයන් පදනම් කරගනිමින් අධ්‍යාපන අමාත්‍යංශය මෙම තීරණය ගෙන තිබේ.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *