එජාපය බලය රැකගත් මැදකොළඹත් ගිලිහෙයි

නොකඩවා තම බලය එක්සත් ජාතික පක්ෂය විසින් රැකගත් මැදකොළඹ ප්‍රේමදාස බලකොටුව මෙවර ජාතික ජනබලවේගය විසින් තමන් සතුකර ගන්නේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගනිමින්ය.

1977 මහ මැතිවරණයේදී මැදකොළඹ ජයග්‍රහණය කළ රණසිංහ ප්‍රේමදාස මහතා ඡන්ද 94,228ක් ලබාගන්නේ එම මැතිවරණයේදී 36.32 ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමිනි.

ඉකුත් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා මැදකොළඹ සිය බලය තහවුරු කරගන්නේ ඡන්ද 32,289ක් ලබාගනිමිනි. එවර අනුර කුමාර දිසානායක මහතා මැදකොළඹින් ලබාගන්නේ ඡන්ද 17,978ක් පමණි.

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා මැදකොළඹින් ඡන්ද 15,692ක් ලබාගත් අතර නාමල් රාජපක්‍ෂට ලැබුණේ ඡන්ද 954ක් පමණි.

මෙවර මහමැතිවරණයේදී ජාතික ජනබලවේගය මැදකොළඹින් ඡන්ද 33,285ක් ලබාගන්නේ පසුගිය ජනාධිපතිවරණයට වඩා ඡන්ද 15,307ක් ලබාගනිමින්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *