ඇමරිකාවේ 9/11 ප්‍රහාරය FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව සේනසිංහ කියයි

පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති වීමට ඉඩ තිබූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි. ඊයේ (25) පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එවකට පැවැති යහපාලන ආණ්ඩුව ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න හමුවේ සේනසිංහ මහතා දැඩි විවේචනයට ලක් විය.

ඇමෙරිකාවේ 9/11 ප්‍රහාරය වැනි සිදුවීම් පවා FBI ආයතනයට වළක්වා ගැනීමට නොහැකි වූ බව පෙන්වා දුන් ඔහු, ලෝකයේ ඕනෑම බලවත් රටක මෙවැනි අන්තවාදී ප්‍රහාර එල්ල විය හැකි බව ප්‍රකාශ කළේය.

ප්‍රහාරය ගැන දිනකට පෙර පණිවිඩ ලැබුණද, එය එල්ල වන නිශ්චිත ස්ථානය පිළිබඳව බුද්ධි අංශ සතු නිසි අවබෝධයක් නොතිබූ බවත්, සාමාන්‍ය වාතාවරණයක් යටතේ පල්ලි හෝ හෝටල් වැසීමට නියෝග කළේ නම් දැඩි නොසන්සුන්තාවයක් ඇති විය හැකිව තිබූ බවත් ඔහු පැවසීය.

එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට වඩා සැලකිලිමත් විය යුතුව තිබූ බව පිළිගත් සේනසිංහ මහතා, විජයදාස රාජපක්ෂ මහතා කළ අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ එවකට අධිකරණ ඇමති ලෙස ඔහුටද ඒ පිළිබඳ ක්‍රියා කිරීමට අවස්ථාව තිබූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *