V8 එකේ ගියත්, ලැම්බොගිනියේ ගියත්, කැබ් එකේ ගියත්, බස් එකේ ගියත්, නාමල් නාමල්ම තමයි – නාමල් රාජපක්ෂ

V8 පැදවූ නාමල් සහ ලැම්බොගිනි පැදවූ නාමල් අතර වෙනසක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

එසේම, කැබ් රථයේ යන නාමල්ගේත්, බස් රථයේ යන නාමල්ගේත් වෙනසක් නොමැති බවත්, ‘නාමල් රාජපක්ෂ’ යනු නාමල් රාජපක්ෂම වන බවයි අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

නමුත්, බස් රථයේ ගමන් ගිය අය, කෙසෙල් කැන් වාහනයේ දමාගෙන රැගෙන ආ අය, අවමංගල්‍යයකට සහභාගි වී එතැනින් රුපියල් 5,000 ක් ලැබුණු අය දැන් කැබ් රථයේ යන විට, පාක්ෂිකයාට කුමක් සිතෙනු ඇත්දැයි ගැටලුවක් මතුවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *