වාලච්චේනය කඩදාසි කම්හල යළි උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කරවීමට රජය තීරණය කර තිබේ.
කම්හලේ කඩදාසි නිශ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යවන ඉවත ලන තත්ත්වයෙන් උසස් කඩදාසි සපයා ගැනීම සඳහා රජයේ ආයතනවල ඉවතලන කඩදාසි ශ්‍රී ලංකා කඩදාසි සමාගමේ වාලච්චේන කම්හලට භාර දීම කර්මාන්ත සහ ව්‍යවසායක සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත්කළ කැබිනට් පත්‍රිකාවකට ඒ අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබිණි.
මේ තීන්දුව සම්බන්ධව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස අද මාධ්‍ය හමුවේ දී විස්තර කළේ මෙසේය.
“.වාලච්චේන කඩදාසි කම්හල 1955දි නිශ්පාදන ආරම්භ කළා. පසු කාලයක දී එහි නිශ්පාදන ක්‍රියාවලිය ඇනහිටියා. 2020 දි යළිත් කම්හල ආරම්භ කළා. එහි යන්ත්‍ර දෙකෙන් එක් යන්ත්‍රයක් මේ වනවිට ක්‍රියාත්මක වෙනවා. ඉන් මාසෙකට මෙට්‍රික් ටොන් 250ක් කඩදාසි නිශ්පාදනය කරන්න පුලුවන්.”
“කඩදාසි නිශ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය ඉවතලන කඩදාසි. ඉවතලන කඩදාසි ප්‍රමාණවත් තොග අඛණ්ඩව ලැබෙනවා නම් මේ කර්මාන්තය පවත්වාගෙන යන්න පුලුවන්. කැබිනට් මණ්ඩල පත්‍රිකාව තියෙන්නේ ප්‍රමාණවත් තොග ලබා ගැනීමට යම් ඉල්ලීමක් කරන්න.”
“ඒ අනුව රජයේ මුද්‍රණාලය, මුද්‍රණ නීතිගත සංස්ථාව, මැතිවරණ කොමිසම, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඒ යටතේ ක්‍රියාත්මකවන රජයේ ආයතන, විශ්වවිද්‍යාල, රජයේ සියලු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු මගින් බැහැර කරනු ලබන තත්ත්වයෙන් උසස් සුදු කඩදාසි ඇතුළු ඉවතලන කඩදාසි තොග සීමා සහිත ජාතික කඩදාසි සංස්ථාව විසින් ප්‍රවාහන පහසුකම් සැලසීමේ පදනම මත නොමිලේ සීමා සහිත කඩදාසි සමාගම වෙත ලබා දෙන්න යෝජනා කරලා තියනවා.”
“අනෙක් රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන සහ මණ්ඩල ඇතුළු සියලුම ආයතනවල පවතින ටෙන්ඩර් පිටිපාටියෙන් බැහැරව ජාතික කඩදාසි සංස්ථාව සමග එකඟවන සහනදායි මිලකට එකී සමාගම වෙත භාරදීමට යෝජනා වෙනවා.”