වර්ෂාව අවසන් වී වන්නියට සීතල කාලය එළඹීමත් සමගම මේ දිනවල උදෑසන 8 පමණ වන තුරු වවුනියාව පුරා දැඩි මීදුම් සහගත තත්ත්වයක් දක්නට ලැබෙයි.
මේ තත්ත්වය නිසා උදෑසන 7-30 දක්වා විශේෂයෙන්ම යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ ගමන් කරන වාහනවල ඉදිරි ආලෝක එළි (හෙඩ් ලයිට් ) දල්වා ගෙන ගමන් කරණ ලෙස පොලිසිය රියදුරන්ට උපදෙස් ලබා දී තිබේ.
වන්නියේ පැරැන්න්නන් මේ මීදුම් සහිත කාලගුණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටින්නේ මසයකට වඩා වැඩි කාලයක් ඉදිරියට දැඩි නියං සහගත තත්තයක් උදා වන බවයි.
මේ නිසා මෙම කන්නයේ තල වගාව හා කුරක්කන් වගාව ඉතා සාර්ථක වන බවද වන්නියේ පැරණි ගොවියෝ කියා සිටිති.