ජනතාව මිල දී ගැනීම අඩු කරලා හැටන් එළවළු කිලෝවක මිල 500-600 අතරටම බහියි

එළවළු අලෙවිය පහළ බැසීමත් සමඟ හැටන් අවට ප්‍රදේශවල පසුගිය දිනවලදී අධික ලෙස ඉහළ ගොස් තිබූ එළවළු මිල ඊයේ (23) වන විට පහළ බැස ඇත. පසුගිය දිනවලදී කිලෝවක් රුපියල් 1000ත් – 1500ත් අතර මිලකට අලෙවි වූ බෝංචි, කැරට්, මාළු මිරිස් වැනි එළවළු වර්ග මේ වන විට රුපියල් හයසීයත් නවසීයත් අතර මිලකට පහළ බැස ඇත.

එමෙන්ම ලීක්ස්, බීට්, බණ්ඩක්කා, වම්බටු වැනි එළවළු වර්ගවල මිල ද පහළ ගොස් කිලෝවක් රුපියල් පන්සීයත් හයසීයත් අතර මිලකට අලෙවි වනු ඇත. ජනතාව විසින් එළවළු මිල දී ගැනීම දැඩි ලෙස අඩු කිරීමත් සමඟ මෙසේ එළවළු මිල පහළ බැස ඇති බව සිල්ලර වෙළෙන්දෝ පවසති. මෙයින් පෙනී යන්නේ එළවළු මිල මෙසේ අධික ලෙස වැඩි කිරීම අතරමැදි එළවළු වෙ‍ෙළඳුන්ගේ මාෆියාවක් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *