වාහනවල සවිකර ඇති අමතර උපාංග හේතුවෙන් අනතුරුවලදී සිදුවන හානි වැඩිවන බව නිරීක්ෂණ පෙනී ගොස් ඇතැයි වෛද්‍යවරුන් පවසනවා.
ඔවුන් සඳහන් කළේ මෙම අමතර උපාංග හේතුවෙන් ඇතැම් අවස්ථාවල පුද්ගලයින්ට ජීවිත ද අහිමි වී ඇති බවයි.
විශ්‍රාමික අධිකරණ වෛද්‍ය විශේෂඥ, වෛද්‍ය සුමිත් අඹේපිටිය මහතා පැවසුවේ ත්‍රීරෝද රථවල අමතරව සවිකර ඇති උපාංගවල ගැටීමෙන් ජීවිත හානි සිදුවූ අවස්ථා පශ්චාත් මරණ පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවයි.