වසරතට වැඩි කාලයක් නවතා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය අද (2026.06.08) පෙරවරුවේ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කෙරිණ. ඒ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් වාහන පරීක්ෂා කිරීමේ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති මුද්‍රණ අංශයේදී ය…!
වසර 22 ක් තිස්සේ මෙරට වාහන අංක තහඩු මුද්‍රණය කිරීම සිදුකරන ලද පෞද්ගලික සමාගමේ නිල කොන්ත්‍රාත් කාලය පසුගිය වසරේ අප්‍රේල් මස අවසන් වීමත් සමග මුද්‍රණ කටයුතු තාවකාලිකව නතර කෙරිණ. අංක තහඩු මුද්‍රණය සදහා සුදුසු නව සමාගමක් තෝරාගැනීම වෙනුවෙන් විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ආරම්භ කල අතර, ඒ අනුව තෝරාගත් සවුත් ඒෂියන් ටෙක්නොලොජි සමාගම සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගිවිසුම්ගතව මෙම අංක තහඩු මුද්‍රණ කටයුතු යලි ආරම්භ කර ඇත….!
යතුරු පැදි, ත්‍රිරෝද රථ, මෝටර් රථ, වෑන් රථ සහ බස් රථ ඇතුළු සියලු වාහන කාණ්ඩයන්ට අදාල අංක තහඩු මුද්‍රණ කටයුතු අද දින සිට කඩිනම් කර ඇත….!
මෙම අවස්ථාවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩ බලන කොමසාරිස් ජනරාල් තාරක දේවප්‍රිය, එහි කොමසාරිස් (පාලන) ප්‍රියන්තා දිසානායක, කොමසාරිස් (රියදුරු බලපත්‍ර) තනූජා ආරියරත්න, සහකාර කොමසාරිස්වරුන් වන සී. ඩබ්ලිව්. මුතුකුමාරණ (කාර්මික සහ සංවර්ධන), ආනන්ද බන්නැහැක (කාර්මික), ‘සවුත් ඒෂියන් ටෙක්නොලොජි’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සරත් දයානන්ද, එහි ව්‍යාපෘති අධ්යක්ෂ සුජිත් ජයසූරිය යන මහත්ම මහත්මීහු ඇතුලු නිලධාරීහු රැසක් එක්ව සිටියහ….!