වාහන මිල අඩු කරන්න ජනපති සමග සාකච්ඡාවක්

පෞද්ගලික පරිහරණය සඳහා වන වාහන ආනයනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයි වාහන ආනයනකරුවන් පවසනවා.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙංචිගේ මහතා පැවසුවේ දැනටමත් කාණ්ඩ 03කට අදාළ වාහන ආනයනය කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

වාහන ආනයනය මෙන්ම වාහන මිල සම්බන්ධයෙන්ද ඉදිරියේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බවයි ඔහු සඳහන් කළේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසුවේ වාහන ආනයනය කිරීම සඳහා ඩොලර් සොයා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මහබැංකුව සමග දීර්ඝ සාකච්ඡාවක නිරත වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *