ගත කිරීම අත්‍යවශ්‍ය බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
භික්ෂුන් වහන්සේට එරෙහිව පසුගිය කාලයේ මතුවී ඇති නීතිවිරෝධි සහ සදාචාර විරෝධි චෝදනා හේතුවෙන් බෞද්ධ සමාජය තුළ දැඩි කම්පාවක් ඇතිවී තිබෙන බව ඊයේ (29) ඇඹිලිපිටියේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඕමල්පේ සෝභිත හිමියෝ:
“කටුනායක ගුවන්තොටුපොළේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් 22නමක් චෝදනා ලබලා තියෙනවා. මෙරට 39,700ක් පමණ වන භික්ෂු පිරිස අතර ඉතාම සුළු පිරිසක් තමයි මේ ශාසන විරෝධීව, විනය විරෝධීව ක්‍රියා කරන්නේ. මෙවැනි භික්ෂුන් වහන්සේ නීතිවිරෝධි හා සදාචාර විරෝධී ක්‍රියාවලට සම්බන්ධවීම නිසා සමස්ත සංඝයා වහන්සේ ගැන සැකයක් මතුවෙන තත්ත්වයක් ඇතිවී තිබෙනවා. මෙවැනි චෝදනා සම්බන්ධයෙන් දැන් සමාජයේ විශාල කතාබහක් පවතිනවා.
මෙවැනි සිද්ධීන් හේතුවෙන් විශේෂයෙන්ම දානමාන දී සිවුපසයෙන් භික්ෂුන් වහන්සේට උපකාර කරන බෞද්ධ ගිහි ජනතාව දැඩි ලෙස කම්පාවට පත්වෙනවා. “අපි ගෞරවයෙන් සලකන සංඝරත්නය මෙවැනි ක්‍රියාවලට සම්බන්ධ වන්නේ ද?” යන ප්‍රශ්නය ඔවුන් තුළ මතු වෙනවා. ඒ නිසා අප භික්ෂුන් වහන්සේ වශයෙන් සැදැහැති ජනතාවට දැඩි කනගාටුව ප්‍රකාශ කරනවා.
භික්ෂුන් වහන්සේ ලියාපදිංචි කිරීමේ ක්‍රමය තිබුණත්, ලියාපදිංචි නොවූ අයට පැහැදිලි දඬුවමක් නොමැති වීම විශාල ප්‍රශ්නයක්. මෙය පවතින නීති ක්‍රමයේ දුර්වලතාවක් ලෙස සලකන්න පුළුවන්. සංඝාධිකරණයකින් තීරණ ගත්තත් ඒවා ක්‍රියාත්මක කිරීමට බලය තියෙන්න ඕනේ. එම නිසා පොලීසිය, අධිකරණය රාජ්‍ය සමඟ සම්බන්ධ වූ නීතිගත සංඝාධිකරණ පද්ධතියක් අවශ්‍යයි.
නීතිය කඩන භික්ෂු ප්රතිරූපකයන් සමාජයේ බහුලවීමත් සමඟ ඒක නවත්වන්න භික්ෂු නීතිය තියෙනවා, ව්‍යවස්ථාව තියෙනවා. නමුත් ඊටත් වඩා රාජ්‍ය නීතියක් අපට අවශ්‍ය වෙනවා. නිකායේ නීති-රීතිවලට අනුගත නොවන වැඩිහිටි භික්ෂුන් වහන්සේගේ අවවාද ඉක්මවා කටයුතු කරන භික්ෂුවට සංඝාධිකරණ පවත්වා දඬුවම් දිය යුතුයි. මෙවැනි සිද්ධීන් සලකා බලා, බෞද්ධ ශාසනය තුළ ශක්තිමත් නීති හා පාලන පද්ධතියක් හඳුන්වා දිය යුතුයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සංඝාධිකරණ පද්ධතිය නීතිගත කර එහි තීරණ රාජ්‍ය අධිකාරිය මඟින් ක්‍රියාත්මක කළ යුතුයි.
විදේශගත වන භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් දැඩි පරීක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුයි. ඔවුන්ට නිල අවසර සහ ආරාධනා ලිපි ඇතුළත් කරගනිමින් පූර්ණ පාලනයක් පවත්වාගත යුතුයි.”