සුවදුක් විමසා බැලීමට සිරි සමන්තභද්ර ස්වාමින්වහන්සේ අද දින කටයුතු කර තිබේ.
එහිදී වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය මෙන්ම හිටපු ජනාධිපතිවරයා රට වෙනුවෙන් ඉටුකළ භූමිකාව සම්බන්ධයෙන් ද උන්වහන්සේ සිය අදහස් පළ කළහ.
දූෂිත ක්රියාවන් හේතුවෙන් ශ්රී ලංකාව අඩුවැඩි වශයෙන් අගාධයකට වැටී රට අරාජික වූ බව සිරි සමන්තභද්ර ස්වාමින්වහන්සේ මෙහිදී වදාළහ.
එවන් අතිශය දුෂ්කර හා අරාජික වූ මොහොතක, රට දේශපාලනිකව සහ ආර්ථිකව සමතුලිත කරමින් නැවත ශ්රී ලංකාව ගොඩනැගීම සඳහා ඉදිරිපත් වූයේ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා බව උන්වහන්සේ සිහිපත් කළහ. ඒ අනුව, එම සුවිශේෂී දායකත්වය අගය කරමින් සහ ඔහුගේ වත්මන් සුවදුක් විමසා බැලීම උදෙසා තමන් වහන්සේ මෙලෙස වැඩම කළ බව සිරි සමන්තභද්ර ස්වාමින්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.