විෂ සහිත කෑම පෙට්ටි වතුර බෝතල් තහනම් කිරීමේ දැඩි තීන්දුවක් ගන්නවා – ඇමති වසන්ත සමරසිංහ

ශරීරයට අහිතකර තත්වයන් ඇති විය හැකි කෑම පෙට්ටි සහ  වතුර බෝතල් ඇතුළු භාණ්ඩ  වෙළඳපොළට පැමිණීම  නතර කිරීමට දැඩි  පියවර ගන්නා බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

වෙළඳ පොළේ   කළ  සමීක්ෂණවලදී අවදානම් සහිත තත්වයන් වාර්තාවී ඇති හෙයින්  ඉදිරි මාස දෙකක  කාලයේදී  දැඩි තීරණයකට යෑමට බලාපොරොත්තු වන බවද   ඔහු කීවේය.

ආනයනකරුවන් නිෂ්පාදකයන් කැඳවා ඔවුන්ට උපදෙස්  දීමට බලාපොරොත්තු වන බවද සමරසිංහ මහතා  සඳහන් කළේය. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම තීරණ ගන්නා බව අමාත්‍යවරයා පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *