අපි දැන් සෞඛ්‍යට ඉතිහාසයේ ලොකුම බජට් එක වියදම් කරමින් ඉන්නේ – මන්ත්‍රී නජිත් ඉන්දික

සෞඛ්‍ය වගේ එකක් ගන්නකෝ, ඇත්තටම ඉතිහාසයේ ලොකුම බජට් එක සෞඛ්‍යයට අපි වියදම් කරමින් ඉන්නවා. දැන් ඔය ප්‍රවෘත්ති දිනපතා පළවෙන්නේ, අර මැෂින් එක හම්බවුණා, මේ මැෂින් එක හම්බවුණා, මේ අවුරුද්දේදී මෙහෙම කරනවා කියලා. ඒ කියන්නේ ඒක, ඒ කියන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ ජනතාවට ඍජුව බලපාන, සියලු ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ක්ෂේත්‍ර වලට පුළුල් කිරීම සඳහා මේ අපි හොයාගත්තු ඉහළ ආදායම් අපි යොදවනවා” යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා පවසනවා.

ඒ පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින්.

“දැන් ආර්ථිකයක, ඒ කියන්නේ රටේ ප්‍රධාන මහා ආර්ථිකය ගොඩයන, උඩට වර්ධනය වෙනකොට, ඒකෙ ප්‍රතිලාභ සාමාන්‍ය පරිදි පහළට ලැබෙන එක එකක්. එතකොට ඒ වගේම විශේෂ ප්‍රශ්න හඳුනාගෙන, ඒ ජන කොටස් වලට තමන්ගේ ආර්ථිකය නිර්මාණය කරන්න අදාළ වටපිටාවක් රජයකින් හදන එක තව එකක්. අපි හිතන්නේ අපි ඔන්න ඔය දෙකම සමාන්තරව කරගෙන යනවා කියලා.

එතකොට IMF එකේ ඉලක්කයන් කියන එක ඇතුළේ තියෙන්නේ අර මම කිව්වා වගේ ප්‍රාථමික ගිණුමේ ශේෂය පෙන්වන්න පුළුවන්, වියදම සීමා කිරීම, අරවා මේවා ඔක්කොම පෙන්වන්න පුළුවන්. හැබැයි ඒ, ඒ රාමුව ඇතුළේ අපි හදනවනේ අයවැයක්. එතකොට අයවැයට IMF එක ඇවිල්ලා, මේක කරන්න කෘෂිකර්මයට අරක කරන්න මේක කරන්න කියන්නේ නැහැ.

එතකොට අයවැයේදී IMF එක කියන්නේ, අර ඒ කියන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න රටකට කියන්නේ, වියදම් මේ සීමා 13%ක සීමාවේ තබා ගත යුතුයි දළ ජාතික නිෂ්පාදනයෙන්. ඊට පස්සේ රාජ්‍ය ආදායම 15%ක් තියෙන්න ඕන දළ ජාතික නිෂ්පාදනයෙන් (ගිය අවුරුද්ද සඳහා කිව්වේ). ඊට පස්සේ ඔය ප්‍රයිමරි බැලන්ස් එක, ප්‍රාථමික ශේෂය අවසානයේ 2.2ක් තියෙන්න ඕන වගේ මූලික දේ, සංකල්ප ටිකක් තමයි එතන ඉදිරිපත් කරන්නේ.

හැබැයි ඒ සංකල්ප යටතේ මොකක් කොහොමද අර දේවල් ටික මෙහෙයවන්නේ කියන එක අපේ අතේ තමයි තියෙන්නේ. අපි දිගටම ආණ්ඩුව ගන්න කලිනුත් කිව්වේ ඒකයි. ඒ කියන්නේ IMF කතාව තියෙද්දීම, ඒ කියන්නේ ඒක දැන් ඒක යථාර්ථයක්නේ, අපි ආණ්ඩුව ගන්නකොට ඒක යථාර්ථයක්. හැබැයි ඒක තියෙද්දීම රජයකට කරන්න පුළුවන් දේවල් තියෙනවා.

එතකොට මොනවාටද වැඩිපුර මුදල් වියදම් කරන්නේ? වැඩිපුර මුදල් වෙන් කරන්නේ මොන ව්‍යාපෘති වලටද? ඒවා ජනතාවට සහන ලැබෙන ව්‍යාපෘතිද? නැත්නම් මේ වෙලාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් හඳුනාගෙන කරපු ව්‍යාපෘතිද කියන එක තියෙන්නේ ආණ්ඩුව අතේ.

ඉතින් ඒ නිසා තමයි ඇත්තටම අපි මේ යටතේ මේ අධ්‍යාපනය, සෞඛ්‍ය සහ අනෙකුත් ක්ෂේත්‍ර ගත්තත්, ඊට පස්සේ විශේෂයෙන්ම ආර්ථික වර්ධනය ඉලක්ක කරගත්තු වැඩපිළිවෙලවල් ගත්තත් අපි හිතන්නේ අපි ඒක ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත්, අර අපේ ප්‍රසිද්ධ උදාහරණයක් තියෙනවනේ, දැන් මධ්‍යම ආදායම් ලබන රටක් කියලා ලංකාව නම් කරලා, ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් කියලා.

ඔව්, 2026 ගණනය කිරීම් අනුව ඇමෙරිකානු ඩොලර් 4636ට උඩ නම් එතකොට දැන්, දැන් ඕකේ තර්කය එතකොට හැමෝටම ඕක තියෙනවද කියන එකනේ? නමුත් පොදුවේ, ඕක දැන් දළ ජාතික නිෂ්පාදනයෙන් ජනගහනය බෙදලා ගන්න ඔය ඉලක්කම සර්වසම වෙන්නේ නැහැ වගේම, එතකොට ඒ විෂමතාවය කොයිතරම් දුරකට ඉක්මවලා තියෙනවාද කියන එකත් තව ආණ්ඩුව පැත්තෙන් යන ක්‍රියාවලියක්.

ඒකට උදාහරණයක් තමයි ලෝක බැංකුවෙන්ම නිකුත් කරපු අවසාන දත්තයක් තියෙනවා. අදාළ විෂයභාර ඇමතිතුමා,පන්නිලගේ ඇමතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා ගිය මාසේ. ඒ කියන්නේ 25%ක තිබුණු ලංකාවේ දිළිඳුකමේ රේඛාවෙන් පහළ, 25%ක ජනතාවක් හිටියා. එතකොට දැන් ඒක 21%ක් බවට පසුගිය අවුරුදු එකහමාර, දෙකේ පත්වෙලා තියෙනවා.

ඒ කියන්නේ මිලියන කීපයක්, ඒ කියන්නේ 4%ක්, ඒ කියන්නේ මේ ඉලක්කම, දිළිඳුකමේ හිටපු ජනතා කොටස අඩු කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. එතකොට එක පැත්තකින් ඒ ඒක පුද්ගල ආදායම වැඩිවෙනවා වගේම, දිළිඳු ජන කොටසත් අඩුවෙනවා කියන එක ඇතුළේ අපි මේක සම්බන්ධයෙන් ඉලක්කයක් සහිතව වැඩකරනවා කියන එක.

එතකොට ඔය ආකාරයෙන් ගමේ ආර්ථිකයට, ගමේ ඒ කියන්නේ ග්‍රාමීය මාර්ග, ගමේ ආර්ථිකය, ඊට පස්සේ අනෙකුත් ඒ පාසල් සහ ඒ අදාළ ප්‍රශ්න, සෞඛ්‍ය ක්ෂේත්‍රය, ඒවා හඳුනාගෙන මැදිහත් වෙන එක ඇතුළේ තමයි ඔබ කියන පහළට සහනාධාර දෙන්නේ ” යැයි මන්ත්‍රීවරයා කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *